අපි මේ නමො විත්තියෙන්ම අත ගහල තියෙන්නෙ Telecommunication engineering කියන field එකේ ඉගනගන්න අපිට වැදගත් වන කොටසක් වෙන Signaling කියන පාඩම ගැන පොඩි අදහසක් ඔලුවට දාගන්නයි.මෙතනදි කෙලින්ම Signaling ගැන කතා කරන්න ගියොතින් ඔයලගෙන් අලුතෙන් මේ ගැන ඉගන ගන්න කෙනෙක් හිටියොතින් එයාට මේක ග්රීක වගෙ වෙන නිසා මම හිතුවා Telecommunication වල වැදගත් වන මුල් කොටස් වල ඉඳලම සුලු හැඳින් වීමකින් පටන් ගන්න. මමත් ඇත්තටම තවම ඉගන ගන්න කෙනෙක් නිසා සුලු සුලු අඩුපාඩුකම් තියෙන්න පුලුවන් එවයෙදි මට ඒවා පෙන්නලා දුන්නොතින් ඒක මටත් මගෙ බ්ලොග් එක කියවන අයටත් ගොඩක් වැදගත් වෙයි.
මේ Engineering field එක ලංකාවෙ අය හොයගත්තානම් අපිටත් ලේසියෙන් සරලවම ඉගන තිබුනා එත් අපි ඒ තරම් වාසනාවන්ත වුනේ නෑ. සුද්දා වැද්දා කාලෙ අපේ මිනිස්සු අහසින් ගියා(Mechanical Engineering),හිතාගන්නවත් බැරි මහ විශාල වැව් අමුණු හැදුවා යෝධ ඇලවගේ විශිෂ්ඨ වාරි කර්මාන්ත හැදුවා(Civil Engineering), හිතාගන්න වත් බැරි සීගිරිය වගෙ තැන්වල මාළිගා හදලා ඒතැන් වලට වතුර අරන් ගිහින් පොකුණු පවා හැදුවා,කුට්ටම් පොකුණු හැදුවා. ඇත්තටම මෙවට තමයි සුද්දා Engineering කිව්වෙ. ඒත් කෝ අපේ ඒ තාක්ෂණය මොකද ඒකට වුනේ.ඒකට ලොකු හේතුවක් තමයි අපේ ඒ කාලේ ඉඳන් එන ගුරු මුෂ්ටිය කියන එක. එකෙන් තිබ්බ පුහු මාන්නෙ විතරයි දැනුමක් ලැබුනෙ නෑ අපිට. ඒ මිනිස්සු ටික මැරෙද්දි තාක්ෂණයත් අතුරුදහන් අඩුම තරමේ සෙල් ලිපියක වත් ලිව්වේ නෑ. මම කියන දේ සමහරවිට වැරදිත් ඇති. එත් අපි ආපහු නගිටින්න ඕන කාලෙ ඇවිල්ලා.ඒ නිසා අපි දන්න දෙයක් එකතුවෙලා බෙදා ගමු.English කියන භාෂාවට බය වෙලා අපෙ හැකියාවන් නැතිකරගන්න ඕනා නෑ. අපේ රටට අපිව ගොඩක් වටිනවා.Face Book එක වගෙ ඒවා පාවිච්චි කලාට කමක් නෑ ඒත් ඇබ්බැහි වෙන්න එපා.මම මේ වචන ගොඩක් නාස්ති කලේ මෙන්න මේක කියන්නයි.පෙලක් තැන් වලදි English terms පවිච්චි කරන්න වෙනවා. මොකද මේ Telecommunication අපි හොයා ගත්ත එකක් නොවෙන හින්දා .ඒක අනිවාර්යයි.මොකද ඒවට තියන සිංහල වචන හොයන්න ගියොත් අපිට මේ වැඩේ කෙරෙන්න වෙන්නෙත් නෑ, තේරෙන එකකුත් නෑ.හරි වල් පල් ඇති වැඩේට බහිමු.
ඇත්තටම Communication networks ප්රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා.ඒ තමයි
1. Circuit switching networks
2. Packet switching networks
Circuit switching නෙට්වර්ක් එකකදි අපි කොල් එකක් ගන්නකොට කෝල් එක ගන්න කෙනයි කෝල් එක ලබන කෙනයි අතර dedicated physical circuit එකක් අනිවර්යෙන්ම තියෙන්න ඕන. අනිවාර්යෙන්ම කෝල් එකක් ගනිද්දි මේ physical circuit එක අල්ලලා කෝල් එක ඉවර වෙද්දි මේ physical circuit එක අතාරින්න ඕන.
ඒ කියන්නේ කෝල් 100ක් ගන්නවා නම් circuits 100ක් තියෙන්න ඕන. මේ වැඩේ නිසා ඒ කාලේදි call එකක unit එකක price එක ගොඩක් වැඩියි.
සාම්ප්රධායික network එකක් Circuit switching network එකක් වෙනවා. මේ network ගොඩක් දුරට භාවිත වුනේ voice වලට විතරයි.නමුත් මේ කලෙදිනම් voice වලට අමතරව තව ගොඩක් දේවල් වලට පවිච්චි වෙනව කියල මම අමුතුවෙන් කියන්න ඕන නෑ කියල මම හිතනව(facsimile , internet etc.).
1970 වෙද්දි වගෙ Data network කියල එකක් එලියට ආවා මේ ජාතියෙ network එකකදි Nodes ගොඩාක් Digitally තමයි link වුනේ.මෙතනදි call එකක් (හරි session එකක්), long silent intervals වල යන short data bursts (Packets) සමූහයක් හැටියට තමයි සැලකෙන්නේ. අන්න ඒ නිසා මේ වගේ Network එකකදි කෝල් එකක් ගන්න Dedicated physical circuit එකක් අනිවාර්යයෙන් ඕන වෙන්නැහැ.ඒක නිසා එකම physical circuit එකක් කෝල් ගොඩකට Share කරගන use කරන්න පුලුවන්. මේ network එකක් Packet switching network එකක් කියලා කියනවා. උදාහරනයක් ගත්තොත් අපි මේ Internet එක කියන්නෙත් ඇත්තටම ඔයවගෙ data network එකකටම තමයි.
කොහොමෙන් කොහොම හරි මේ Packet technology එක data network ඇතුලෙත් Voice communications පවත්වන්න හැකියාව අරන් දුන්නා,මෙන්න මේකට කිව්වා convergence of voice and data කියලා. මෙන්න මේ වගේ දේවල් හින්දා voice, data සහ video වගෙ දේවල් සන්නිවේදනය කරන එකට packet communication යොදා ගන්න එක trend එකක් වුනා. සමහරක් වෙලාවට මේකම හේතුවක් උනා Converged network වලට Telecommunication කියන වචනය පවිච්චි කරන්න.
Telecommunication Networks
· Trunk කියලා කියන්නෙ Exchanges අතර තියන circuits වලටයි, Exchanges දෙකක් අතර ඇති trunk සමූහයකට trunk group (TG) කියලා කියනවා.
· Subscriber (ග්රාහකයා S) සහ Local Exchange (ග්රාහකයාට අදාලවූ Exchange එක) අතර ඇති circuit වලට subscriber lines (SL) කියලා කියනවා.
· Exchange D සහ Exchange E වලට subscriberලා සම්බන්ද නොවන අතර ඒවා Intermediate, Tandem, Toll හෝ Transit exchanges කියලා කියනවා.
දැන් පාන්දර එකටත් කිට්ටුයි.හෙට practical වගයකුත් කරන්න තියනවා අදට ඇති ඉක්මනටම ඊලඟ කොටස දාන්නම්.ඔබ සියලු දෙනාටම ජය......!

මැක්සා මචෝ. තව තවත් මෙවැනි ලිපි පලකිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා කියා ප්රාර්ථනා කරනව....
ReplyDelete