මුලින් කිව්වා වගේ ග්‍රාහකයෝ දෙන්නෙක් අතර call එකක් ගන්න නම් communication circuit එකක් අනිවාර්යයෙන් ඕන නෙ.ඉතින් අපි ඊලග රූප සටහන මඟින් පෙන්වන්නේ මේ ආකරයේ දුරකතන ඇමතුම් (calls)පවතින්න පුලුවන් ප්‍රධාන ආකාර 2 ගැනයි.
1) Intra exchange calls
![]() |
| Intra exchange calls |
2) Inter exchange calls
මෙතනදි කියන්නෙ exchange 2ක් හෝ කීපයක් හරහා සම්බන්ද වන ඇමතුම් ගැනයි. ඒ කියන්නෙ කොළඹ ඉන්න කෙනෙක් යාපනේ ඉන්න කෙනෙක්ට කතා කරනවා වගේ.එතනදි exchange දෙකක් හරි කීපයක් හරහා හරි තමයි ඇමතුම සම්බන්ද වෙන්නෙ ඒ නිසා area code එක මෙතනදි ගොඩක් වැදගත් දෙයක්. මේකත් කොටස් දෙකකට දක්වන්න පුලුවන්.ඒ තමයි
i. කෙලින්ම ඇම්තුම ගන්න exchange එකෙන් ඊට අදාල exchange එක හරහා සම්බන්ද වන ඇම්තුම්.
ii. ඇම්තුම ගන්න exchange එකෙන් ඊට අදාල exchange එකට තවත් Intermediate, Tandem, Toll හෝ Transit exchanges හරි හරහා සම්බන්ද වන ඇම්තුම්.
Subscriber lines (SL) |
Call Setup and Release ………?
දැන් අපි බලමු මොකද්ද මේ setup and release කියන්නෙ කියලා. මේ වචන දෙකේ තෙරුම් දන්න සිංහලෙන් ගත්තොත් setup කියන්නෙ සකස් කරනවා කියන එකයි, release කියන්නේ මුදා හරිනවා කියන එකයි.මොනවද මේ සකස් කරන්නෙ මොනවද මේ මුදා හරින්නේ.මේ කියන්නෙ මේ අපේ call එක ගැනයි.. Setup and Release කියන්නෙ signaling වලින් සිද්ද වෙන දෙයක් කියලා තමයි පොත පතේ නම් තියෙන්නෙ.මේ ගැන තව ටිකක් බලමුකෝ එහෙනම්.
මේ ගැන රූපසටහන් වලින් කතකරන එක ගොඩක් පහසුයි කියලා මම හිතන්නේ.ඒ නිසා ඒ විදියට යමු. පහල රූපය මම පොතකින් ගත්ත එකක් ඒකේ පැහැදිලිව පෙන්නනවා. Call එකක් ගන්න ඕන උනහම Sp කියන subscriber, request එකක් send කරනවා exchange A වලට (මේක මහලොකු දෙයක් නෙවෙයි phone එකේ receiver එක උස්සපු ගමන් මේක සිද්ද වෙනවා) ඊට පස්සේ Sp ට dial tone එක ඇහෙනවා,එතකොට එයා ඕන number එක dial කරනවා.රූපය බලන ගමන් කියවන්න නැත්තම් තෙරෙන එකක් නෑ ඒකනම් SURE.
දැන් local exchange එක dial කරපු number එක analyze කරලා එයාට අදාල exchange එකට ඒ කියන්නෙ exchange B ට call එක( exchange B ට අදාල trunk group එකට) route කරනවා. එතනදී මේ trunk group එකේ Idle trunk එකක් තියනවාද කියලා බලලා (Idle තියන එක T1 නම් ) T1 trunk එක තෝරා ගන්නවා. ඔන්න දැං exchange A එක T1 කියන trunk එක seize (අල්ලගන්නවා)කරගන seizer signal එකක් send කරනවා, මේ signal එකේ සම්බන්ද කරගන්න ඕන කරන subscriber(Sr) ගේ number එක exchange B ට දැනුම් දෙනවා. මේ තුලින් SLp සහ T1 අතර path එකක් setup කරනවා.
S - Subscriber
SL - Subscriber line
T - Trunk
A,B - Exchanges
Exchange B ට seizure signal එකයි called number එකයි ලැබුනහම , මුලින්ම බලනවා Sr ඉන්නේ Idle mode එකේද කියලා. එයා Idle (Sr) නම් SLr තුලින් Sr ට ringing signal එකක් යවනා ගමන්ම, T1 තුලින් Sp ට ringing tone signal එකක් යවනවා.
දැං ඉතින් Sr එයාගේ phone එකේ receiver එක ඉස්සුවොතින් exchange B එකට answer signal එකක් ලැබෙනවා. ඒ නිසා exchange B, ringing signal and ringing tone යවන එක නවත්තලා SLr and T1අතර path එකක් setup කරලා exchange A එකට answer කලා කියලා signal එකක් යවනවා. ඕන්න යන්තම් අපිට කතා කරගන්න දේවල් කතා කරගන්න පුලුවන් විදියට connection එක හැදුනා.ඒත් අපේ chat එකෙන් පස්සේ connection එක release කරන්න වෙනම signaling sequence එකක් සිද්ද වෙනවා. ඒ ගැන වෙනම දවසක කතා කරමු නේද.ඔයාලා මේක ඉක්මනින්ම කියෙව්වට මට මේක ලියන්න නම් ගොඩක් වෙලා යනවා ඒකෙන් කමක් නෑ අපි බලමුකෝ ඉස්සරහට කොහොමද speed එකෙන් මේක කරගන්නේ කියලා.Exam එකට කලින් හැම පැත්තක්ම cover කරන්න බලා පොරොත්තු වෙනවා. ඒකට මට හැකියාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.




No comments:
Post a Comment