Monday, July 18, 2011

කෝල් එකක් setup වෙන හැටි................

මුලින් කිව්වා වගේ ග්‍රාහකයෝ දෙන්නෙක් අතර call එකක් ගන්න  නම් communication circuit එකක් අනිවාර්යයෙන් ඕන නෙ.ඉතින් අපි ඊලග රූප සටහන මඟින් පෙන්වන්නේ මේ ආකරයේ දුරකතන ඇමතුම් (calls)පවතින්න පුලුවන් ප්‍රධාන ආකාර 2 ගැනයි.

1)      Intra exchange calls

Intra exchange calls
 මේ කියන්නෙ එකම Exchange එකකට සම්බන්ද telephone දෙකක් අතර ඇතිවෙන ඇමතුම් ගැනයි. උදාහරණයක් හැටියට ගත්තොත් කොලඹ ඉන්න කෙනෙක් කොලඹම ඉන්න කෙනෙක්ට කතා කරනවා වගේ.ඒ කියන්නෙ මෙතනදි අපිට area code  එකක් අපි dial කරන අංකය ඉස්සරහට යොදන්න ඕනා වෙන්නැහැ.



2)      Inter exchange calls

       මෙතනදි කියන්නෙ exchange 2ක් හෝ කීපයක් හරහා සම්බන්ද වන ඇමතුම් ගැනයි. ඒ කියන්නෙ කොළඹ ඉන්න කෙනෙක් යාපනේ ඉන්න කෙනෙක්ට කතා කරනවා වගේ.එතනදි exchange දෙකක් හරි කීපයක් හරහා හරි තමයි ඇමතුම සම්බන්ද වෙන්නෙ ඒ නිසා area code එක මෙතනදි ගොඩක් වැදගත් දෙයක්. මේකත් කොටස් දෙකකට දක්වන්න පුලුවන්.ඒ තමයි

                                             i.            කෙලින්ම ඇම්තුම ගන්න exchange එකෙන් ඊට අදාල exchange එක හරහා සම්බන්ද වන ඇම්තුම්.


                                           ii.            ඇම්තුම ගන්න exchange එකෙන් ඊට අදාල exchange එකට තවත් Intermediate, Tandem, Toll හෝ  Transit exchanges හරි හරහා සම්බන්ද වන ඇම්තුම්.

Subscriber lines (SL)




Call Setup and Release ………?

                දැන් අපි බලමු මොකද්ද මේ setup and release කියන්නෙ කියලා. මේ වචන දෙකේ තෙරුම් දන්න සිංහලෙන් ගත්තොත් setup කියන්නෙ සකස් කරනවා කියන එකයි, release කියන්නේ මුදා හරිනවා කියන එකයි.මොනවද මේ සකස් කරන්නෙ මොනවද මේ මුදා හරින්නේ.මේ කියන්නෙ මේ අපේ call එක ගැනයි.. Setup and Release කියන්නෙ signaling වලින් සිද්ද වෙන දෙයක් කියලා තමයි පොත පතේ නම් තියෙන්නෙ.මේ ගැන තව ටිකක් බලමුකෝ එහෙනම්.

මේ ගැන රූපසටහන් වලින් කතකරන එක ගොඩක් පහසුයි කියලා මම හිතන්නේ.ඒ නිසා ඒ විදියට යමු. පහල රූපය මම පොතකින් ගත්ත එකක් ඒකේ පැහැදිලිව පෙන්නනවා. Call එකක් ගන්න ඕන උනහම Sp කියන subscriber, request එකක් send කරනවා exchange A වලට (මේක මහලොකු දෙයක් නෙවෙයි phone එකේ receiver එක උස්සපු ගමන් මේක සිද්ද වෙනවා) ඊට පස්සේ Sp dial tone එක ඇහෙනවා,එතකොට එයා ඕන number එක dial කරනවා.රූපය බලන ගමන් කියවන්න නැත්තම් තෙරෙන එකක් නෑ ඒකනම්  SURE.

දැන් local exchange එක dial කරපු number එක analyze කරලා එයාට අදාල exchange එකට ඒ කියන්නෙ exchange B call එක( exchange B අදාල trunk group  එකට) route කරනවා.  එතනදී  මේ trunk group එකේ Idle trunk  එකක් තියනවාද කියලා බලලා (Idle තියන එක T1 නම්  ) T1 trunk එක ‍තෝරා ගන්නවා. ඔන්න දැං exchange A එක T1  කියන trunk  එක  seize (අල්ලගන්නවා)කරගන seizer signal එකක් send කරනවා, මේ signal එකේ සම්බන්ද කරගන්න ඕන කරන subscriber(Sr) ගේ  number එක exchange B ට දැනුම් දෙනවා. මේ තුලින් SLp සහ T1  අතර path එකක් setup කරනවා.




S      - Subscriber

SL     - Subscriber line

T       - Trunk

A,B   - Exchanges



Exchange B seizure signal එකයි called number එකයි  ලැබුනහම , මුලින්ම බලනවා Sr ඉන්නේ Idle mode එකේද කියලා. එයා Idle (Sr) නම් SLr තුලින්  Sr ringing signal එකක් යවනා ගමන්ම, T1 තුලින් Sp ringing tone signal එකක් යවනවා.

දැං ඉතින් Sr  එයාගේ phone එකේ  receiver එක ඉස්සුවොතින් exchange B එකට answer signal එකක් ලැබෙනවා. ඒ නිසා exchange B, ringing signal and ringing tone  යවන එක නවත්තලා  SLr  and T1අතර path එකක් setup කරලා exchange A එකට answer කලා කියලා signal එකක් යවනවා. ඕන්න යන්තම් අපිට කතා කරගන්න දේවල් කතා කරගන්න පුලුවන් විදියට connection එක හැදුනා.ඒත් අපේ chat  එකෙන් පස්සේ connection  එක  release කරන්න වෙනම signaling sequence එකක් සිද්ද වෙනවා. ඒ ගැන වෙනම දවසක කතා කරමු නේද.ඔයාලා මේක ඉක්මනින්ම කියෙව්වට මට මේක ලියන්න නම් ගොඩක් වෙලා යනවා ඒකෙන් කමක් නෑ අපි බලමුකෝ ඉස්සරහට කොහොමද speed එකෙන් මේක කරගන්නේ කියලා.Exam එකට කලින් හැම පැත්තක්ම cover කරන්න බලා පොරොත්තු වෙනවා. ඒකට මට හැකියාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

ඇත්තටම මොකක්ද මේ Signaling කියන්නෙ..............

             අපි මේ නමො විත්තියෙන්ම අත ගහල තියෙන්නෙ Telecommunication engineering  කියන field  එකේ ඉගනගන්න අපිට වැදගත් වන කොටසක් වෙන Signaling කියන පාඩම ගැන පොඩි අදහසක් ඔලුවට දාගන්නයි.මෙතනදි කෙලින්ම Signaling ගැන කතා කරන්න ගියොතින් ඔයලගෙන් අලුතෙන් මේ ගැන ඉගන ගන්න කෙනෙක් හිටියොතින් එයාට මේක ග්‍රීක වගෙ වෙන නිසා මම හිතුවා Telecommunication වල වැදගත් වන මුල් කොටස් වල ඉඳලම සුලු හැඳින් වීමකින් පටන් ගන්න. මමත් ඇත්තටම තවම ඉගන ගන්න කෙනෙක් නිසා සුලු සුලු අඩුපාඩුකම් තියෙන්න පුලුවන් එවයෙදි මට ඒවා පෙන්නලා දුන්නොතින් ඒක මටත් මගෙ බ්ලොග් එක කියවන අයටත් ගොඩක් වැදගත් වෙයි.

                මේ Engineering field එක ලංකාවෙ අය හොයගත්තානම් අපිටත් ලේසියෙන් සරලවම ඉගන තිබුනා එත් අපි ඒ තරම් වාසනාවන්ත වුනේ නෑ. සුද්දා වැද්දා කාලෙ අපේ මිනිස්සු අහසින් ගියා(Mechanical Engineering),හිතාගන්නවත් බැරි මහ විශාල වැව් අමුණු හැදුවා යෝධ ඇලවගේ විශිෂ්ඨ වාරි කර්මාන්ත හැදුවා(Civil Engineering), හිතාගන්න වත් බැරි සීගිරිය වගෙ තැන්වල මාළිගා හදලා ඒතැන් වලට වතුර අරන් ගිහින් පොකුණු පවා හැදුවා,කුට්ටම් පොකුණු හැදුවා. ඇත්තටම මෙවට තමයි සුද්දා Engineering කිව්වෙ. ඒත් කෝ අපේ ඒ තාක්ෂණය මොකද ඒකට වුනේ.ඒකට ලොකු හේතුවක් තමයි අපේ ඒ කාලේ ඉඳන් එන ගුරු මුෂ්ටිය කියන එක. එකෙන් තිබ්බ පුහු මාන්නෙ විතරයි දැනුමක් ලැබුනෙ නෑ අපිට. ඒ මිනිස්සු ටික මැරෙද්දි තාක්ෂණයත් අතුරුදහන් අඩුම තරමේ සෙල් ලිපියක වත් ලිව්වේ නෑ. මම කියන දේ සමහරවිට වැරදිත් ඇති. එත් අපි ආපහු නගිටින්න ඕන කාලෙ ඇවිල්ලා.ඒ නිසා අපි දන්න දෙයක් එකතුවෙලා බෙදා ගමු.English කියන භාෂාවට බය වෙලා අපෙ හැකියාවන් නැතිකරගන්න ඕනා නෑ. අපේ රටට අපිව ගොඩක් වටිනවා.Face Book එක වගෙ ඒවා පාවිච්චි කලාට කමක් නෑ ඒත් ඇබ්බැහි වෙන්න එපා.මම මේ වචන ගොඩක් නාස්ති කලේ මෙන්න මේක කියන්නයි.පෙලක් තැන් වලදි English terms පවිච්චි කරන්න වෙනවා. මොකද මේ Telecommunication අපි හොයා ගත්ත එකක් නොවෙන හින්දා .ඒක අනිවාර්යයි.මොකද ඒවට තියන සිංහල වචන හොයන්න ගියොත් අපිට මේ වැඩේ කෙරෙන්න වෙන්නෙත් නෑ, තේරෙන එකකුත් නෑ.හරි වල් පල් ඇති වැඩේට බහිමු.

ත්තටම Communication networks  ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා.ඒ තමයි

1.       Circuit switching  networks

2.       Packet switching networks

 Circuit switching   නෙට්වර්ක්  එකකදි අපි කොල් එකක් ගන්නකොට කෝල් එක ගන්න කෙනයි කෝල් එක ලබන කෙනයි  අතර  dedicated physical circuit එකක් අනිවර්යෙන්ම තියෙන්න ඕන. අනිවාර්යෙන්ම කෝල් එකක් ගනිද්දි මේ physical circuit  එක අල්ලලා කෝල් එක ඉවර වෙද්දි මේ physical circuit එක අතාරින්න ඕන.

ඒ කියන්නේ  කෝල් 100ක් ගන්නවා නම් circuits  100ක් තියෙන්න ඕන. මේ වැඩේ නිසා ඒ කාලේදි call එකක unit එකක price එක ගොඩක් වැඩියි.

                සාම්ප්‍රධායික network  එකක් Circuit switching network  එකක් වෙනවා. මේ network  ගොඩක් දුරට භාවිත වුනේ voice වලට විතරයි.නමුත් මේ කලෙදිනම් voice වලට අමතරව තව ගොඩක් දේවල් වලට පවිච්චි වෙනව කියල මම අමුතුවෙන් කියන්න ඕන නෑ කියල මම හිතනව(facsimile , internet etc.).

                1970 වෙද්දි වගෙ Data network  කියල එකක් එලියට ආවා මේ ජාතියෙ network  එකකදි Nodes  ගොඩාක් Digitally තමයි link වුනේ.මෙතනදි  call එකක් (හරි session එකක්),  long silent intervals වල  යන short data bursts (Packets) සමූහයක් හැටියට තමයි සැලකෙන්නේ. අන්න ඒ නිසා මේ වගේ Network එකකදි කෝල් එකක් ගන්න Dedicated physical circuit  එකක් අනිවාර්යයෙන් ඕන වෙන්නැහැ.ඒක නිසා එකම physical circuit  එකක් කෝල් ගොඩකට Share  කරගන use කරන්න පුලුවන්. මේ network  එකක් Packet switching network  එකක් කියලා කියනවා. උදාහරනයක් ගත්තොත් අපි මේ Internet එක කියන්නෙත් ඇත්තටම ඔයවගෙ data network එකකටම තමයි.

කොහොමෙන් කොහොම හරි මේ Packet technology එක data network ඇතුලෙත් Voice communications  පවත්වන්න හැකියාව අරන් දුන්නා,මෙන්න මේකට කිව්වා  convergence of voice and data කියලා. මෙන්න මේ වගේ දේවල් හින්දා voice, data සහ video වගෙ දේවල් සන්නිවේදනය කරන එකට packet communication යොදා ගන්න එක trend එකක් වුනා. සමහරක් වෙලාවට මේකම හේතුවක් උනා Converged network වලට Telecommunication කියන වචනය පවිච්චි කරන්න.


Telecommunication Networks

  ඉහත  රූපය  මගින් Telecommunication network එකක සරල කොටසක් දැක්වේ.එය තුල exchanges, trunks, subscriber lines අන්තර්ගත වේ. අපි දැන් බලමු මේ එක එක ගැන වෙන වෙනම.

·         Trunk කියලා කියන්නෙ Exchanges  අතර තියන  circuits වලටයි, Exchanges දෙකක් අතර ඇති trunk සමූහයකට trunk group (TG) කියලා කියනවා.

·         Subscriber (ග්‍රාහකයා S) සහ Local Exchange (ග්‍රාහකයාට අදාලවූ Exchange එක) අතර ඇති circuit වලට subscriber lines (SL) කියලා කියනවා.

·         Exchange D සහ Exchange E වලට subscriberලා සම්බන්ද නොවන අතර ඒවා Intermediate, Tandem, Toll හෝ  Transit exchanges කියලා කියනවා.

දැන් පාන්දර එකටත් කිට්‍ටුයි.හෙට practical වගයකුත් කරන්න තියනවා අදට ඇති ඉක්මනටම ඊලඟ කොටස දාන්නම්.ඔබ සියලු දෙනාටම ජය......!