Monday, September 12, 2011

එග්සෑම් ඔරියන්ටඩ් පාඩම 1

එග්සෑම් ඔරියන්ටඩ් පාඩම 1
සිග්නලින්ග් ගැන පොඩි කුප්පියක් දාගමු. අපි කට්ටිය එකතුවෙල සාකච්චා කරපු ටිකක් තමයි මේ තියෙන්නෙ. පොඩ්ඩක් කියවලා බලන්න. සිග්නලින්ග් ප්රදාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා.ඒක පහත දැක් වෙනවා.

සිග්නලින්ග් ගැන තව කත කරන්න කලින් පොඩ්ඩක් Basic telecom network එකක් ගැන අයිඩියා එකක් ඔලුවට දාගත්තොත් හොදයි.ඒකට පහත තියන රූපය බලන්න.


Out Side Plant Network
·         The media that connects telephone to the mdf line side is called OSP
Switching Network
·         Interchange information
·         Pre determine process
·         Decide where to switch
Transmission Network
·         Transmission process take place

Function of the Exchange
·         Find out the correct path between called(ඇමතුම ලබන කෙනා) party & calling(ඇමතුම දෙන කෙනා) party.

දැන් අපි බලමු ඇනලොග් සිග්නලින්ග් ගැන. අපේ සර් මෙතනදි කිව්ව මතකද ඇනලොග් සිග්නලින්ග් කියන්නෙ හරියට පාරෙදි කවුරුහරි යාලුවෙක්ව දැක්කම අපි චූස් චූස් ගාලා හරි විසිල් එකක් ගහල හරි මුලින්ම උගෙ ඇටෙන්ෂන් එක ගන්න එපැයි.ඊට පස්සෙ අපි දිහා හරිලා බැලුවට පස්සෙනේ අපිට උත් එක්කලා කතා කරන්න පිලුවන් වෙන්නේ.අන්න වගෙම තමා ඇනලොග් සිග්නලිනුත්.පහල තියන ඉංග්රිසි නෝට් එක බලන්න. ඒකෙ කියන්නෙත් ඔය කතන්දරේම වගේ එකක් තම්යි.

Analog Signaling
·         Get the attention of the other end
·         Then pass the message
“ it is assume that one person sleep respect to the other…. කියන්නෙ මතනදි උපකල්පනයක් කරනවා, තමයි මේ සිග්නලින් ප්රොසෙස් එකේදි එක්(එක්ස්චේන්ජ් 2ක් හරි,එක්ස්චන්ජ් එකකුයි කස්ටමර් කෙනෙකුයි හරි) කෙනෙක් අනිත් කෙනාට සාපෙක්ෂව නිදාගන ඉන්නවාය කියලා.”

කලින් චාර්ට් එකේ තියනවනෙ ඇනලොග් සිග්නලින් තවදුරටත් කොටස් තුකට බෙදෙනවා කියලා. දැන් පොඩ්ඩක් ගැන බලමු.

Supervisory Signal
·         Just the system monitoring the status of the line
·         To see the line busy, idle, requesting a service etc.
ඇත්තටම කියනවානම් සිස්ටම් එක මේ සිග්නල් වලින් බලනවා ලයින් එකක් බිසි , නැත්තම් නොර්මල් අයිඩල් එකේද, එහෙමත් නැත්තම් සර්විස් එකක් ඉල්ලනවාද වගේ දේවල්.

Register Signal
·         Transmitting, routing & destination signals
·         also called addressing signal
·         there are several form
v  dial pulses
v  tone pulses
v  data pulses
රෙජිස්ටර් සිග්නලින් වලින් තමයි ඩෙස්ටිනේෂන්, රවුටින් ට්‍රාන්ස්මිට් කරන එක සිදුවෙන්නේ. ඒ නිසාම තමයි ඇඩ්ඩ්‍රසින් සිග්නල් කියලා කියන්නෙත්. මේ සිග්නල් ඩයල් පල්ස්, ටෝන් පල්ස්, ඩේටා පල්ස් වගේ ආකාරවලින් පවතිනවා.


Alerting Signal
·         indicates the arrival of incoming calls, to the called party
·         Types
1.      Speaker
2.      Tone
3.      Bell
4.      Buzzes
5.      Flash light

කියන්නේ ඇලර්ටින් සිග්නල් වලදි කෝල් එක ලැබෙන කෙනා ගැන අගවන එක කෙරෙන්නේ මේ සිග්නල් වලිනුයි.ඒව අපි දන්න ක්රම ඉංග්රිසි නෝට් එකේ දාලා තියන ඒවාම තමයි.

Sunday, August 28, 2011


කයිවරු ගැහුවට කරන්න ගත්තට පස්සෙ තමයි අමාරුව දැනෙන්නේ කියනවනේ.ඇත්තටම දැන් වැඩ නෑ වගේ දැනුනත් කරන්න වැඩක් සෙට් වුනාම වෙලාවත් මදි.ඒ වගෙම සිග්නලින් ගැන නෙට් එකේ වත් අපිට ඕන කරන එව නෑ.සර් ගේ නෝට් එක උනත් අච්චාරුවක්නේ.ඒකෙන් දාන්න ගියත් පැටලිලි සහගතයි.එක්සෑම් එකට එනවා කිව්වෙත් එසයිමෙන්ට් වලින්  කියලා කතාවකුත් කිව්වා. අනික තමයි ටෙලිකොම් එකේ ඉන්ටෙර්විව් වලට එන්න එපා කිව්වා සර් ඉන්නේ කියලා.එහෙම කොහොමද නේද....? හරි අපි අයිමත් බලමු කොහොම හරි විභාගේ ගොඩ දාගන්න විදියක්.

    

දැන් අපි කලින් කතකරානේ ට්‍රන්ක් ගෘප් ගැන.මේවා කොටස් දෙකක් ගැන නෙට්වොර්ක් එකකදි කතා කෙරෙනවා.ඒ තමයි එක් මං(One-way trunk group) සහ දෙමං ට්‍රන්ක් ගෘප්.

·         එක් මං (One-way trunk group) ට්‍රන්ක් ගෘප්

නම වගේම තමයි මේකෙන් පුලුවන් එක පැත්තක එක්ස්චේන්ජ් එකකට අනෙක් පැත්තෙ එක්ස්චේන්ජ් එකකට සම්බන්ද වෙන්න විතරෛ.ඒ කියන්නේ එක්ස් චේන්ජ් දෙකටම සම්බන්ද වෙන්න නම් මේ වගේ ගෘප් දෙකක් ඕන.

·         දෙමං ට්‍රන්ක් ගෘප් (Two-way trunk group)

 දෙමං ට්‍රන්ක් ගෘප් මගින් පුලුවන්  එක්ස්චේන්ජ් එකකට අනෙක් පැත්තෙ එක්ස්චේන්ජ් එකකට සම්බන්ද වෙන්න වගේම අනෙක් පැත්තේ එක්ස්චේන්ජ් එකකට මේ පැත්තටත සම්බන්ද වෙන්න පුලුවන්. ඇත්තටම මේක වාසියි නේද ට්‍රන්ක් ගෘප් දෙකක් පවිච්චි කරනවට වඩා.

                       ඒත් එක් මං ට්‍රන්ක ගෘප් එකකට වඩා දෙමං ට්‍රන්ක් ගෘප් එකක තියන ටෘන්ක් ගාන අඩුයි.ඊට අමතරව මේ වගේ ට්‍රන්ක් ගෘප් එකක ,එකම ට්‍රන්ක් එකක් කෝල් දෙකකට එකිනෙකට සම්බන්ද එක්ස්චේන්ජ් දෙකකින් එකම වෙලාවක අල්ලන්න(Double Seizure) පුලුවන්.මේ වගේ දෙයක් වලක්වා ගන්න ක්‍රමයක් දෙමං ටෘන්ක් ගෘප් වල අන්තර් ;වෙලා තියනවා ඒ නිසා.

Monday, July 18, 2011

කෝල් එකක් setup වෙන හැටි................

මුලින් කිව්වා වගේ ග්‍රාහකයෝ දෙන්නෙක් අතර call එකක් ගන්න  නම් communication circuit එකක් අනිවාර්යයෙන් ඕන නෙ.ඉතින් අපි ඊලග රූප සටහන මඟින් පෙන්වන්නේ මේ ආකරයේ දුරකතන ඇමතුම් (calls)පවතින්න පුලුවන් ප්‍රධාන ආකාර 2 ගැනයි.

1)      Intra exchange calls

Intra exchange calls
 මේ කියන්නෙ එකම Exchange එකකට සම්බන්ද telephone දෙකක් අතර ඇතිවෙන ඇමතුම් ගැනයි. උදාහරණයක් හැටියට ගත්තොත් කොලඹ ඉන්න කෙනෙක් කොලඹම ඉන්න කෙනෙක්ට කතා කරනවා වගේ.ඒ කියන්නෙ මෙතනදි අපිට area code  එකක් අපි dial කරන අංකය ඉස්සරහට යොදන්න ඕනා වෙන්නැහැ.



2)      Inter exchange calls

       මෙතනදි කියන්නෙ exchange 2ක් හෝ කීපයක් හරහා සම්බන්ද වන ඇමතුම් ගැනයි. ඒ කියන්නෙ කොළඹ ඉන්න කෙනෙක් යාපනේ ඉන්න කෙනෙක්ට කතා කරනවා වගේ.එතනදි exchange දෙකක් හරි කීපයක් හරහා හරි තමයි ඇමතුම සම්බන්ද වෙන්නෙ ඒ නිසා area code එක මෙතනදි ගොඩක් වැදගත් දෙයක්. මේකත් කොටස් දෙකකට දක්වන්න පුලුවන්.ඒ තමයි

                                             i.            කෙලින්ම ඇම්තුම ගන්න exchange එකෙන් ඊට අදාල exchange එක හරහා සම්බන්ද වන ඇම්තුම්.


                                           ii.            ඇම්තුම ගන්න exchange එකෙන් ඊට අදාල exchange එකට තවත් Intermediate, Tandem, Toll හෝ  Transit exchanges හරි හරහා සම්බන්ද වන ඇම්තුම්.

Subscriber lines (SL)




Call Setup and Release ………?

                දැන් අපි බලමු මොකද්ද මේ setup and release කියන්නෙ කියලා. මේ වචන දෙකේ තෙරුම් දන්න සිංහලෙන් ගත්තොත් setup කියන්නෙ සකස් කරනවා කියන එකයි, release කියන්නේ මුදා හරිනවා කියන එකයි.මොනවද මේ සකස් කරන්නෙ මොනවද මේ මුදා හරින්නේ.මේ කියන්නෙ මේ අපේ call එක ගැනයි.. Setup and Release කියන්නෙ signaling වලින් සිද්ද වෙන දෙයක් කියලා තමයි පොත පතේ නම් තියෙන්නෙ.මේ ගැන තව ටිකක් බලමුකෝ එහෙනම්.

මේ ගැන රූපසටහන් වලින් කතකරන එක ගොඩක් පහසුයි කියලා මම හිතන්නේ.ඒ නිසා ඒ විදියට යමු. පහල රූපය මම පොතකින් ගත්ත එකක් ඒකේ පැහැදිලිව පෙන්නනවා. Call එකක් ගන්න ඕන උනහම Sp කියන subscriber, request එකක් send කරනවා exchange A වලට (මේක මහලොකු දෙයක් නෙවෙයි phone එකේ receiver එක උස්සපු ගමන් මේක සිද්ද වෙනවා) ඊට පස්සේ Sp dial tone එක ඇහෙනවා,එතකොට එයා ඕන number එක dial කරනවා.රූපය බලන ගමන් කියවන්න නැත්තම් තෙරෙන එකක් නෑ ඒකනම්  SURE.

දැන් local exchange එක dial කරපු number එක analyze කරලා එයාට අදාල exchange එකට ඒ කියන්නෙ exchange B call එක( exchange B අදාල trunk group  එකට) route කරනවා.  එතනදී  මේ trunk group එකේ Idle trunk  එකක් තියනවාද කියලා බලලා (Idle තියන එක T1 නම්  ) T1 trunk එක ‍තෝරා ගන්නවා. ඔන්න දැං exchange A එක T1  කියන trunk  එක  seize (අල්ලගන්නවා)කරගන seizer signal එකක් send කරනවා, මේ signal එකේ සම්බන්ද කරගන්න ඕන කරන subscriber(Sr) ගේ  number එක exchange B ට දැනුම් දෙනවා. මේ තුලින් SLp සහ T1  අතර path එකක් setup කරනවා.




S      - Subscriber

SL     - Subscriber line

T       - Trunk

A,B   - Exchanges



Exchange B seizure signal එකයි called number එකයි  ලැබුනහම , මුලින්ම බලනවා Sr ඉන්නේ Idle mode එකේද කියලා. එයා Idle (Sr) නම් SLr තුලින්  Sr ringing signal එකක් යවනා ගමන්ම, T1 තුලින් Sp ringing tone signal එකක් යවනවා.

දැං ඉතින් Sr  එයාගේ phone එකේ  receiver එක ඉස්සුවොතින් exchange B එකට answer signal එකක් ලැබෙනවා. ඒ නිසා exchange B, ringing signal and ringing tone  යවන එක නවත්තලා  SLr  and T1අතර path එකක් setup කරලා exchange A එකට answer කලා කියලා signal එකක් යවනවා. ඕන්න යන්තම් අපිට කතා කරගන්න දේවල් කතා කරගන්න පුලුවන් විදියට connection එක හැදුනා.ඒත් අපේ chat  එකෙන් පස්සේ connection  එක  release කරන්න වෙනම signaling sequence එකක් සිද්ද වෙනවා. ඒ ගැන වෙනම දවසක කතා කරමු නේද.ඔයාලා මේක ඉක්මනින්ම කියෙව්වට මට මේක ලියන්න නම් ගොඩක් වෙලා යනවා ඒකෙන් කමක් නෑ අපි බලමුකෝ ඉස්සරහට කොහොමද speed එකෙන් මේක කරගන්නේ කියලා.Exam එකට කලින් හැම පැත්තක්ම cover කරන්න බලා පොරොත්තු වෙනවා. ඒකට මට හැකියාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.