කයිවරු ගැහුවට කරන්න ගත්තට පස්සෙ තමයි අමාරුව දැනෙන්නේ කියනවනේ.ඇත්තටම දැන් වැඩ නෑ වගේ දැනුනත් කරන්න වැඩක් සෙට් වුනාම වෙලාවත් මදි.ඒ වගෙම සිග්නලින් ගැන නෙට් එකේ වත් අපිට ඕන කරන එව නෑ.සර් ගේ නෝට් එක උනත් අච්චාරුවක්නේ.ඒකෙන් දාන්න ගියත් පැටලිලි සහගතයි.එක්සෑම් එකට එනවා කිව්වෙත් එසයිමෙන්ට් වලින් කියලා කතාවකුත් කිව්වා. අනික තමයි ටෙලිකොම් එකේ ඉන්ටෙර්විව් වලට එන්න එපා කිව්වා සර් ඉන්නේ කියලා.එහෙම කොහොමද නේද....? හරි අපි අයිමත් බලමු කොහොම හරි විභාගේ ගොඩ දාගන්න විදියක්.
දැන් අපි කලින් කතකරානේ ට්‍රන්ක් ගෘප් ගැන.මේවා කොටස් දෙකක් ගැන නෙට්වොර්ක් එකකදි කතා කෙරෙනවා.ඒ තමයි එක් මං(One-way trunk group) සහ දෙමං ට්‍රන්ක් ගෘප්.
· එක් මං (One-way trunk group) ට්‍රන්ක් ගෘප්
නම වගේම තමයි මේකෙන් පුලුවන් එක පැත්තක එක්ස්චේන්ජ් එකකට අනෙක් පැත්තෙ එක්ස්චේන්ජ් එකකට සම්බන්ද වෙන්න විතරෛ.ඒ කියන්නේ එක්ස් චේන්ජ් දෙකටම සම්බන්ද වෙන්න නම් මේ වගේ ගෘප් දෙකක් ඕන.
· දෙමං ට්‍රන්ක් ගෘප් (Two-way trunk group)
දෙමං ට්‍රන්ක් ගෘප් මගින් පුලුවන් එක්ස්චේන්ජ් එකකට අනෙක් පැත්තෙ එක්ස්චේන්ජ් එකකට සම්බන්ද වෙන්න වගේම අනෙක් පැත්තේ එක්ස්චේන්ජ් එකකට මේ පැත්තටත සම්බන්ද වෙන්න පුලුවන්. ඇත්තටම මේක වාසියි නේද ට්‍රන්ක් ගෘප් දෙකක් පවිච්චි කරනවට වඩා.
ඒත් එක් මං ට්‍රන්ක ගෘප් එකකට වඩා දෙමං ට්‍රන්ක් ගෘප් එකක තියන ටෘන්ක් ගාන අඩුයි.ඊට අමතරව මේ වගේ ට්‍රන්ක් ගෘප් එකක ,එකම ට්‍රන්ක් එකක් කෝල් දෙකකට එකිනෙකට සම්බන්ද එක්ස්චේන්ජ් දෙකකින් එකම වෙලාවක අල්ලන්න(Double Seizure) පුලුවන්.මේ වගේ දෙයක් වලක්වා ගන්න ක්‍රමයක් දෙමං ටෘන්ක් ගෘප් වල අන්තර් ග;වෙලා තියනවා ඒ නිසා.